~ නිහඬ සිතුවිලි ~
හදේ ඇඳි සේයා....වදන් පෙලින් කියන්නට.... ලොවේ රැඳි සේයා....විදු ඇසින් දකින්නට.....
Saturday, October 20, 2012
පෙම්වතාගේ ආදරය දිනාගන්න ඔබට හැකිද?
ප්‍රේමය පිළිබඳව නිවැරැදි විග්‍රහයක් කිරීමට මෙලොව කිසිවකු සමත් වී නැත. සාමාන්‍ය දැනීම අනුව බොහෝ දෙනා පවසන්නේ එය විඳිය යුතු දැකිය යුතු දෙයක් කියාය. මේ සියල්ල තරාතිරමක් නොමැතිව ජීවි සියල්ලගේම සිත් තුළට අනවසරයෙන් ගොඩවන නිසා එවැනි හැඟීම් සමබර කර ගැනීම හා පාලනය කර ගැනීම එකිනෙකාගේ ස්වභාවය අනුව වෙනස් වේ. පෙම්වතා හා පෙම්වතිය පෙමින් වෙළී සිටින කාලය ඉතා සුන්දරය. මේ ප්‍රේමාන්විත කාලයේ පෙම්වතිය පෙම්වතාගේ ආදරය දිනාගන්නට සමත් වී තිබෙනවාද? පෙම්වතිය ලෙස ඔබට ඔහුගේ ආදරය හඳුනාගන්නටත්, ඔහුගේ ආදරය තමා සතුකර ගැනීමටත් හැකි වී තිබෙනවාද? ආදරය එකිනෙකාට දැනෙන විදිය වෙනස් වේ. බොහොමයක් ගැහැනු ළමයින්ට ආදරය කරන කාලයේ ඇතිවන ලොකුම ප්රශ්නය "මුලදී වගේ නෙමෙයි දැන් එයා ගොඩක් වෙනස්"
පෙම්වතිය ලෙස ඔබ පෙම්වතාට ආදරය කරන විට තේරුම් ගත යුතු ප්‍රධානම කාරණය පිරිමි පාර්ශ්වය ගැහැනුන්ට වඩා වෙනස් බවයි. ආදරයේදී ඒ වෙනස්කම් ගැහැනු ළමයින් අවබෝධ කරගත යුතුයි.
පෙම්වතා හිත් කියවන්නෙක් නොවේ
පෙම්වතිය ලෙස ඔබ සැම විටම ඔබේ පෙම්වතාගේ හැසිරීම්, ගති පැවතුම් තේරුම් ගත යුතුයි. බොහෝ පෙම්වතුන් වචනාර්ථයෙන් තේරුම් ගතයුතුයි. බොහෝ පෙම්වතුන් වචනාර්ථයෙන් යමක් අවබෝධ කරගනී. පෙම්වතිය ලෙස ඔබ ඔහුට පවසන දෙයින් ඔහු අවබෝධ කරගන්නේ මතුපිට අර්ථය පමණි. මේ අවස්ථාවලදී ගැහැනු ළමයි වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඔබේ පෙම්වතාට කිවයුතු දේ සෘජුවම පවසන්න බොහෝ වෙලාවට ගැහැනු ළමයින් සිතනවා පිරිමි ළමයින්ට හිත කියවන්න පුළුවන් කියලා. නමුත් පිරිමි ළමයින් ගැහැනු ළමයින්ගේ හිත් කියවන්නෙක් නොවේ. ඒ නිසාම පෙම්වතා ඔබගේ සිතුම් පැතුම් නිවැරැදිව හඳුනා ගන්නෙ නෑ කියා හිත රිදවා ගැනීම සුදුසු නොවේ. පෙම්වතිය ලෙස ඔබ හැම විටම ඔබේ හැඟීම් සෘජුවම පෙම්වතාට ප්‍රකාශ කළ යුතුයි. යමක් අඟවන්න උත්සාහ කිරීම තුළින් රිදෙන්නේ ඔබේ සිතටයි. පිරිමි පාර්ශ්වය සෑම විටම මතුපිට අර්ථයෙන් පමණක් ඕනෑම දෙයක් අවබෝධ කරවන්නා නිසා අවශ්‍ය දේ සෘජුවම ප්‍රකාශ කිරීමට පෙම්වතිය ලෙස ඔබට හැකිවිය යුතුයි.
පෙම්වතා හැම විටම අගය කිරීම අපේක්ෂා කරයි
ආදරය එකිනෙකාට දැනෙන විදිය, එකිනෙකා අවබෝධ කරගන්නා ආකාරය වෙනස් වේ. ඔබේ පෙම්වතාට ඔබ හදවතින්ම ආදරය කළද ඔහුට එය නොදැනෙනවා විය හැකියි. එසේ වන්නේ ඔහුට ආදරය දැනෙන විදිය වෙනස් නිසාවෙනි. බොහෝ පිරිමි ළමයින්ට ආදරය දැනෙන්නෙ තමාව අගය කිරීමත් සමඟයි. පෙම්වතිය ආදරයේදී පෙම්වතාගේ මේ වෙනස හඳුනාගත යුතුයි. ආදරය දෙදෙනාගේම හදවතටම දැනිය යුතු හැඟීමකි. ඔබේ පෙම්වතාට ආදර හැඟීම් දැනෙන ආකාරය පෙම්වතිය ලෙස ඔබ හඳුනාගත යුතුයි. තමන්ව පහත් කර කතා කිරීම, අපහාසයට ලක්කිරීම වැනි පෞරුෂයට හානි වන දේ ඔබේ පෙම්වතා ආදරයේදී ඔබෙන් අපේක්ෂා නොකරයි.
පෙම්වතා ඉක්මණින් ප්‍රශ්න අමතක කරයි
පෙම්වතිය ආදරය විඳින මොහොතේ ප්‍රශ්නයක් ඇති වූ විට එය නැවත නැවත සිහිපත් කරන්නට ප්‍රියතාවක් දක්වයි. නමුත් පෙම්වතා ප්‍රශ්නයක් ඇති වූ මොහොතේම එය අමතක කර පුරුදු ළෙන්ගතුකමින් ආදරය කරයි. පෙම්වතාගේ මේ වෙනස පෙම්වතියට දරාගත නොහැකිය. පෙම්වතුන් ආදරයේ දී වඩාත් ආසා කරන්නේ ඒ මොහොතේ සිදුවන දෙයට පමණයි. පෙම්වතා වරදක් කළ විට එය නැවත නැවත ඔහුට මතක් කිරීම ඔබ ඔහුට කරන මදිකමක් ලෙස පෙම්වතා වටහා ගනී. ඒ නිසාම ප්‍රශ්නයක් වූ අවස්ථාවේදී එය නැවත නැවත කතා කිරීම සුදුසු කාර්යයක් නොවේ. ඔබේ පෙම්වතාට ඔබව එපාවීමට එය ද හේතු වන අතර ආදරයේදී පෙම්වතාට මවක් මෙන් අවවාද කිරීම පෙම්වතිය ලෙස ඔබ නොකළ යුතුයි.
ස්වභාවයෙන් පිරිමි පාර්ශ්වය සැහැල්ලුවෙන් කාලය ගතකිරීමට කැමැත්තක් දක්වයි. ඔවුන් ජීවිතය ගැන ගැඹුරින් නොසිතා මතුපිටින් ක්‍රියා කරයි. නමුත් ගැහැනු ළමයින් හැම විටම හැම දෙයක් ගැනම සීමාව ඉක්මවා නැවත නැවත ඒ දේ සිහිපත් කිරීමට කැමැත්තක් දක්වයි. එය ඔබේ පෙම්වතාට කරදරයක් විය හැකියි. ප්‍රශ්නයක් ඇති වූ විට එය නැවත නැවත කතා කරමින් අඩුපාඩු පෙන්වා දීමට ගැහැනු ළමයි රුචියක් දැක්වුවද පිරිමි ළමයින් එයට මැලිකමක් දක්වයි. ඔබේ පෙම්වතාගෙන් වරදක් වූ විට ඔහුගේ වරද පෙන්වා දීමට පෙම්වතියට ඒ සඳහා උපක්‍රමයක් භාවිත කළ හැකියි. වැරැද්ද නිතරම මතක් නොකර පෙම්වතාගේ යම් හොඳ ක්‍රියාවක් පවසා වැරැද්ද අවබෝධ කර දී නැවත පෙම්වතාගේ යටපත් ගුණාංගයක් පවසමින් කතාව අවසන් කරන්න. උදාහරණයක් ලෙස "ඔයා ගොඩක් හොඳයි, මා දන්නවා ඔයා මට ආදරයෙs කියලා. ඒත් ඔයාගෙ මේ වැරැද්ද නම් හොඳ නෑ. ඔයා මේ කරන දේ නිසා නම් මට හිතෙනවා ඔයා මට ආදරේ නෑ කියලා. ඒත් මා දන්නවා ඔයා හොඳ කෙනෙක් කියලා."
පෙම්වතා වෙනුවෙන් මුළු ජීවිතයම වුවද කැපකිරීමට පාරමී පුරන ඔබ පෙම්වතාගේ පුංචි වරදක් අමතක කර ඔහුට සමාව දීම වැනි පුංචි කැපකිරීමක් කිරීමට සූදානම් නොවේ. පෙම්වතා වරදක් සිදුකළ විට එයට හදවතින්ම සමාව දී සතුටින් සිටින්න උත්සාහ ගන්න. එය ඔබේ ආදරයේ සදාතනික පැවැත්මට හේතුවනු ඇත.
පෙම්වතා ආදරයේදී ස්පර්ශයට කැමැත්තක් දක්වයි
ලිංගික හා ලිංගික නොවන ලෙස ස්පර්ශය අර්ථ ගැන්විය හැකියි. ප්‍රේම සම්බන්ධතාවලදී ලිංගික ස්පර්ශය නම් අනුමත කළ නොහැකියි. බොහෝ විට පිරිමි පාර්ශ්වය ලිංගික නොවන ස්පර්ශය (අතින් ඇල්ලීම, සිපගැනීම, ඔළුව අතගෑම) තුළින් ආදරය ප්‍රකාශ කිරීමට කැමැත්තක් දක්වන අතර පෙම්වතා පෙම්වතියගෙන් මෙවැනි ආදරණීය ස්පර්ශයක් බලාපොරොත්තු වෙයි. පෙම්වතාගේ මෙවැනි හැඟීම් හැම විටම පෙම්වතිය තේරුම් ගත යුතුයි. ඇතැම් ගැහැනු ළමයින් අතින්වත් අල්ලන්නේ නැතිව ආදරය කරන පෙම්වතෙක් සොයයි. එය නම් සිදුවන්නේ ඉතා කලාතුරකින්. ස්වභාවයෙන්ම පිරිමි පාර්ශ්වය තුළ ආදරය ඇතිවන්නේ රාගික හැඟීම් සමඟයි. ප්‍රේම සම්බන්ධතාවලදී පෙම්වතිය හැඟීම්වලට ඉඩ දුන්න ද පෙම්වතා ආදරයේදී ස්පර්ශය බලාපොරොත්තු වේ. ප්‍රේම සම්බන්ධතා බොහොමයක් අතරමගදී බිඳවැටෙන්නේ පෙම්වතිය පෙම්වතාගෙන් මෙම ආශාවන් හා ඔහුගේ හැසිරීම් අවබෝධ කර නොගැනීම නිසයි.
පෙම්වතා ආදරය ප්‍රකාශ කරන ආකාරය වෙනස්
පෙමින් වෙළී සිටින කාලයේ නිතර පෙම්වතිය මුණගැසෙන්නට ඇය දෙස බලමින් ඇයගේ සුන්දර රූසපුව විඳින්නට ඇය සමඟ තනිවෙන්නට පෙම්වතා වඩාත් කැමතිය. පෙම්වතිය ද පෙම්වතා සමඟම එකටම කාලය ගත කරන්න වැඩි රුචියක් දක්වයි. පෙම්වතා, පෙම්වතිය සමඟ හුදකලාව පෙම්සුව විඳින්නට ප්‍රිය කළ ද පෙම්වතිය සමඟ ඇයගේ අවශ්‍යතාවන්වලට ගමන් බිමන් යන්නට නම් වැඩි රුචියක් නොදක්වයි. ඔවුන් ස්වභාවයෙන්ම ගැහැනු පාර්ශ්වය සමඟ ඇඳුම් ආයිත්තම් තෝරන්නට මිතුරියන් මුණගැසෙන්නට යැම සඳහා ප්‍රියතාවක් නොදක්වයි. නමුත් ගැහැනු ළමයි ආදරයේ දී පෙම්වතා හැම අවස්ථාවේදීම තමා සමඟ සිටී යෑයි බලාපොරොත්තු වේ. ආදරය ලස්සන වන්නේ එකිනෙකාගේ අනන්‍යතාවන් රැකෙන විටයි. කෙදිනකවත් ආදරයේ දී දෙදෙනාම එක් අයෙක් නොවන අතර දෙදෙනාගේම අදහස්, හැඟීම් ද එකිනෙකට නොගැලපේ. පෙම්වතුන්ගේ ආදර ලෝකය සුන්දර වන්නේ මේ වෙනසත් සමඟයි. ආදරයේදී මේ ආත්මාර්ථකාමී බව අවශ්‍යයි. ඇය/ ඔහුගේ සිතුම් පැතුම්, රුචි අරුචිකම් ආශාවන්වල පවතින වෙනස පෙම්වතුන් තේරුම් ගත යුතුයි. පෙම්වතුන්ගේ අදහස් වෙනස් වුවද ඒ වෙනස ආදරයට එක් කරන්නේ අපූර්වතම සුන්දරත්වයකි. දෙදෙනා අදහස්වලින් එකඟ නොවුණද දෙදෙනාගේ සිත් තුළම ආදරය පවතී. පෙම්වතා ආදරය කරන්නේ ඔහුටම ආවේණික ලක්ෂණ සමඟයි. පෙම්වතිය එය අවබෝධ කරගත යුතුයි. සාර්ථක ආදර සම්බන්ධතාවන් පවත්වාගෙන යන්නට නම් දෙදෙනාගේම මෙම වෙනස්කම් හඳුනාගෙන අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. ආදර ලෝකය හැඩවෙන්නෙ ඔබ දෙදෙනාගේ මේ වෙනසත් සමඟයි.
ඇයගේ ආදරය දිනාගන්නේ කෙසේද?
තරුණ තරුණියන් අතර ඇතිවන ආදර සබඳතා දිගුකාලීන සබඳතා බවට පත්වන්නේ කලාතුරකිනි. ඊට බොහෝ විට හේතු වන්නේ එකිනෙකා අවබෝධ කරගැනීමට ඇති නොහැකියාවයි. ආදර සබඳතාවක් පවත්වාගෙන යන විට පෙම්වතා පෙම්වතියගේ ආදරය දිනාගන්නට සමත්a වී තිබෙනවාද? පෙම්වතුන් ලෙස ඔබට ඇයගේ ආදරය හඳුනාගන්නටත්, ඇයගේ ආදරය තමා සතු කරගැනීමටත් හැකිවී තිබෙනවාද? ස්වභාවයෙන්ම පිරිමි පාර්ශ්වය තුළ ආදරයක් ඇති වන්නේ රාගික හැඟීමත් සමගයි. ආදරයේ දී කාන්තාවගේ හැඟීම් වෙනස් වේ. "මං හිතන විදියටමයි එයා හිතන්නෙ", "මම කැමැති විදියටමයි එයා අඳින්නෙ" මෙවැනි සිතුවිලිත් සමගම කාන්තාව තුළ ආදරයක් ඇති වේ. පිරිමි සිත් රාගික හැඟීම්වලට ඉඩ දුන්නද කාන්තා සිත ඉඩ දෙන්නේ ආශාවන්වලට පමණයි. මේ නිසාම ආදරයේ දී එකිනෙකාගේ සිතුම් පැතුම් එකිනෙකට වෙනස් වේ.
ආදරය යන්න මිනිසෙක් තුළ ඇති වන උතුම් හැඟීමකි. ආදරය කරන විට පිරිමියා ඒ දෙස බලන ආකාරය, කාන්තාව ඒ දෙස බලන ආකාරය අනුව එකිනෙකා හඳුනාගත යුතුයි. මෙය එක හා සමාන වූ පමණින් උතුම් ආදරයක් ඇති වේ. ආදරය සදාකල්හිම පැවතෙන සංසාරික බැඳීමකි. මෙකී නොසංසිඳෙන ආදරය සදාකල්හිම පවත්වාගෙන යන්නට ඇයගේ ආදරය දිනා ගැනීම වැදගත්.
පෙම්වතිය හැමවිටම හැඟීම්වලට ඉඩදෙයි
පෙම්වතා ලෙස ඔබට ඔබේ පෙම්වතියගේ හැඟීම් තේරුම්ගත හැකි නම් ජීවිත කාලය පුරාවටම ඇය සමග සතුටින් කාලය ගතකළ හැකිවේ. හැමවිටම කාන්තාවක් තම සිතේ ඇතිවන ආදරය, සෙනෙහස, දුක, මෛත්‍රිය, කෝපය, කුතුහලය, සැකය, බය පිළිබඳ කතා කරයි. සිතනු ලබයි. නමුත් පිරිමියා මීට ප්රතිවිරුද්ධව සිතුවහොත් ඔහු හා ඇය අතර සබඳතාව පවත්වාගෙන යැමට නොහැකි වෙයි. පෙම්වතිය සමග කතා කරන විට තේරුම් ගත යුතු පළමු දෙය වන්නේ ඇය හැඟීම්වලට කතා කරන බවත්, මා හැම විටම ඇයගේ හැඟීම් අසා සිටිය යුතු බවත්ය. ඇය ආදරය ගැන කතා කළත් දුක ගැන කතා කළත් පිරිමි ඔබ එය අසා සිටිය යුතුය. සාමාන්‍යයෙන් ඔබේ පෙම්වතිය වැඩිපුර කතා කරන්නේ දුක, කනස්සල්ල, පාළුව, තනිකම, හුදෙකලාව, වේදනාව, කලකිරීම් ආදී කරුණු පිළිබඳවය. මේ ඇය තුළ ඇති වන හැඟීම්ය. ඇය මුදල් උපයන ක්‍රම පිළිබඳව, දේශපාලනය, ආර්ථික ප්‍රශ්න පිළිබඳ වැඩිපුර කතා නොකරන අතර වැඩිපුර කතා කරන්නේ ඉහත කාරණා ගැනය. ඒ නිසා ඇයගේ ආදරය දිනා ගන්නට නම් ඔබ පෙම්වතියගේ හැඟීම්වලට ඇහුම්කන් දිය යුතුය. ප්‍රේම සබඳතා බොහොමයක් අතරමඟදී බිඳ වැටෙන්නේ පෙම්වතා හැමවිටම පෙම්වතියගේ හැඟීම්වලට ඇහුම්කන් නොදීම නිසයි.
ආදරය ගැන කතා කිරීමට, රස විඳීමට, වින්දනය ලබන්නට වැඩි කැමැත්තක් දක්වයි. ඔබේ සිත දිනාගත් තරුණිය සමග ආදරය ගැන කතා කරන්නට හැකිනම් ඇයගේ සිත දිනාගැනීමට හැකිවේ. සාමාන්‍ය ස්වභාවය වන්නේ තරුණයා තරුණියකගේ, ආදරය දිනාගත් පසු ඒ ගැන කතා කිරීම අත්හැර දමයි. නමුත් තරුණියට මියයන මොහොත දක්වාම ආදරය ගැන කතා කිරීම අවශ්‍ය වේ. ආදරය කාන්තාවන්ගේ ශක්තිය වර්ධනය කරන සාධකයකි. ඒ නිසා මේ වචනයෙන් එන හැඟීම හැම විටම දැනෙන දෙයක් බවට පත්විය යුතුය. ආදරය ප්‍රකාශ කිරීම, කතා කිරීම, දැනෙන්ට සැලැස්වීම තුළින් පහසුවෙන්ම පෙම්වතියගේ ආදරය දිනාගැනීමට හැකි වේ.
පෙම්වතිය පුංචි පුංචි දේ ගැන කැමැත්තක් දක්වයි
පෙම්වතියගේ උපන්දිනයට ඇයට ලැබෙන තෑගි අතරින් ඇය වඩාත් සතුටට පත්වන්නේ පෙම්වතා ආදරයෙන් ලබාදෙන උණුසුම් හාද්දකින් විය හැකියි. නමුත් පෙම්වතා ලෙස ඔබ සිතන්නේ තම පෙම්වතිය වෙනුවෙන් මහා ලොකු දෙයක් කළ යුතු බවත් එවිට ඇය මහා ඉහළින් සතුටු වන බවයි. තරුණියන් සතුටු වන්නේ කුඩා, කුඩා දේවල්වලින් බව තරුණයන් දැනගත යුතුය. උදාහරණයක් ලෙස තමන්ගේ පෙම්වතිය මුණගැසුණු දිනය මතක තබාගෙන ඇයට රෝස මලකින් තෑගි කරන්නට හැකිනම් එය විශාල දෙයක් ලෙසින් තරුණිය සලකයි. පෙම්වතිය මුලින් හමුවූ දිනය, පෙම්වතියගේ උපන් දිනය ආදිය පිළිබඳව මතක තිබේ නම් ඇය බොහෝ සතුටට පත්වේ. නමුත් මෙවැනි කුඩා දේවල් අමතක කිරීම විශාල ගැටලු ඇති කරන්නට හේතු වේ.
පෙම්වතිය හැමවිටම උණුසුම අපේක්ෂා කරයි
කාන්තාවන් හැමවිටම ප්‍රතිවිරුද්ධ ලිංගිකයකුගේ උණුසුමට ආසා කරයි. තමන් ආදරය කරන තරුණියට උපරිම ආකාරයෙන් උණුසුම ලබා දෙන්නට හැකිනම් ඇයට උපරිම ආකාරයෙන් උණුසුම ලබාදිය යුතුය. උණුසුම අඩු වීගෙන යද්දී ඇයට මගේ පෙම්වතා ඈත්වන බවක් දැනෙන්නට ගනී. නමුත් ප්‍රායෝගික ලෝකයේ ඔවුන් ඈත් වී නොමැත. ඔබ දෙදෙනා තුළ පෙර පරිදිම ආදරය පවතී. කාන්තාවගේ ස්වරූපය වන්නේ පිරිමියාගේ උණුසුම විඳිමින් ඔහුගේ තුරුලෙහිම රැඳී සිටීමයි. ඇයට ඔබ ළඟ රැඳෙමින් උණුසුම විඳින්න ඉඩ ලබාදෙන්න. එවිට ඇය ඔබව හැර නොයයි.
පෙම්වතිය සිතන දේ සහ කියන දේ අතර වෙනසක් පවතී
ඔබේ පෙම්වතිය සිතන්නේ එකකි. කියන්නේ තව එකකි. උදාහරණයක් ලෙස පෙම්වතා තම පෙම්වතියට මුහුදු වෙරළට යැමට කතා කළ විට ඇය "හ්ම්" යනුවෙන් පිළිතුරු දුන්නේ නම් ඉන් අදහස් වන්නේ ඇය ඊට අකැමැති අතර පෙම්වතා අමනාප වේ යෑයි සිතා එයට කැමැත්ත දුන් බවයි. මේ ආකාරයට ඔබ පෙම්වතිය අකමැතිම දේ කිහිප සැරයක් පැවසූ විට තත්ත්වය කෙසේ වේවිද? එවිට තරුණියගේ සිත තුළ මෙම අකැමැතිම දේ කරනවා යන සිතුවිල්ල ඇති වේ. ඇයට මුහුදු වෙරළට යන්න කතා කළ විට ඇයගේ පිළිතුර "හ්ම්" වුවහොත් ඔබ කළ යුත්තේ ඇය සමග නොයා සිටීම නොවේ. ඔබ ඒ සඳහා ඇයට වෙනත් විකල්පයක් ඉදිරිපත් කිරීමයි. චිත්‍රපටයක් බලන්න යමුද, ලන්ච් අවුට් එකට යමුද ආදී වශයෙන් වෙනත් යෝජනා ඉදිරිපත් කිරීමය. එවිට ඇය ඇයගේ අදහස් ප්‍රකාශ කරයි. තරුණියන්ගේ හිනාවීමද එබඳුය. ඒ තුළත් අර්ථ කිහිපයක් ගැබ්වී ඇත. ඇය තනි වචන භාවිත කරයි (තනියි, පාළුයි, දුකයි) නම් ඉන් අදහස් වන්නේ තම පෙම්වතාගේ උණුසුම අපේක්ෂා කරන බවයි. හැමවිටම පෙම්වතිය කියන දේට වඩා වෙනස් අපේක්ෂාවන්, හැඟීම් ඇයගේ සිත තුළ තිබේ. ආදරයේ දී පෙම්වතා ලෙස ඔබ හැමවිටම පෙම්වතියගේ හැඟීම් වටහා ගන්න.
මේ ගීය ගැයූවේ මා ඔබ රිදවනූ නොවේ...
මා දෑසෙ වේදනා
ඔබේ දැසෙ පෙම් සිනා
එනමුදු මගෙ හදෙ
නැත වෛර චේතනා..
ලැබු නුහුරු කල්පනා..
සාගරය සේ එදා...
ආදරය ගොනු කලා.. \\
මා දැස තෙත් කලා..
රාවෙ ගුවනින් ඇසෙ..
එ සො සුසුම් තුලින්..
ඔය දැස තෙත් කලෙ.. \\
ඔබ රිදවනු නොවෙ....
ගී පද/තනුව - විශාරද නිහාල් ගම්හේවා
ගායනය - රෝයී පීරිස්
හුඟාක්ම ළඟින් සිටි දෙන්නෙක් එහෙමත් නැත්නම් හදවතින්ම ආදරය කළ දෙදෙනෙක් වෙන් වුණොත්...? එවන් වෙන්ව යාම් ඉතාමත් සුළු මොහොතකින් වෛරයකට පෙරළෙන්නත් පුළුවන්. ආදරයත් වෛරයත් අතර වෙනස කෙස් ගසකට සමාන කරන්නේ ඒ නිසායි.
ඒත් ආදරය කළ හිතකට වෛර කරන්න පුළුවන්... එහෙමනම් ඒක කොහොමද ආදරයක් වෙන්නේ... සමහරුන්ට නම් එහෙමත් හිතෙන්න පුළුවන්.
මා දැසේ වේදනා
ඔබ දැසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා
මම ඔයාට කොයි තරම් ආදරේ කළාද... ඔයාත් එහෙම තමයි. සංසාරේ හැමදාමත් මම ඔයාමමයි පතන්නේ. මතකද ඒ දවස්වල ඔයා මට ඒ විදිහට කිව්වා. ඒත් එහෙම කියූ ඔයා... මගේ ළමැද මුහුණ තියාගෙන පැය ගණන් වරු ගණන් ආදර බස් දොඩපු ඔයා... අන්තිමේ මාව දාලා ගියා... දෙයියනේ මාව කඳුළු ගඟක තනි කළ ඔයා... තවත් කෙනෙකුට ළං වෙලා... මගේ ඇස් කඳුළින් බොඳවෙලා... ඒ කඳුළු බිඳු අතරින් මට පෙනෙනව ඔයා ඔහුට තුරුළු වෙලා... එදා අපි ගිය මාවතේම ඇවිද යනවා... මම කොහොම ඉවසන්නද. කමක් නැහැ. ඔයා මට ආදරේ නැති වුණාට... මම ඔයාට තවමත් ආදරේයි... ඒ නිසා මගේ හිතේ ඔයා ගැන කිසිම වෛරයක් නැහැ.
"මේක මම අසූව දශකය මුලදී ලියපු සරල ගීයක්. ඒ කාලේ ඉතින් අපිත් තරුණයිනේ. මේක පාසල් සම්ප්රදායේ ගීතයක්... විරහ දුක ආදරය තමයි පාසල් ගීත වල තියෙන්නේ. ඒ කාලේ සරල ගී වැඩසටහනකට මම තමයි මුලින්ම මේ ගීය ගායනා කළේ. ඉන් පස්සේ තරුණ සේවා සභාවට ආවාම රෝයි පීරිස්ට දුන්නා... රෝයි විතරක් නොවේ යොවුන් ගී කණ්ඩායමේ හැම කෙනෙක්ම වගේ මේ ගීය ගායනා කරන්න පටන් ගත්තා.
මේ ගීයේ පදරචකයා, සංගීතය හා තනු නිර්මාණකරුවා විශාරද නිහාල් ගම්හේවා ගේ අදහස යි...
පෙරදා ඔබෙන් මෙමා
ලැබු නුහුරු කල්පනා
සාගරය සේ එදා
ආදරය ගොනු කළා
ඒ සිහින මව මවා
මා දැස තෙත් කළා...
තනිකම අද මට උරුමවෙලා. ඇයි මේ විදිහෙ දුකක් මට දුන්නේ. ඒ දවස්වල අපි දෙන්නා තුරුළු වෙලා ආදරය කළ හැටි... මට ඔයාගෙන් ලැබුණේ අමුතුම මිහිරක්... අද මට අයිති ඒ සුන්දර අතීතය විතරයි. කල්පනා ලෝකයත් එක්ක මම ඒ සොඳුරු අතීතයේ සැරිසරනවා. ඒ ඔයාත් එක්ක... අපේ ආදරය හරියට සාගරය වගේ... ඒ ආදරය අපි දෙන්නා එකට එකතු කළා... මට නම් ඒ අතීතය හීනයක්.... ඒ මතකය හීනයක් වගේ ඇවිත් මගේ දැස් තෙත් කරනවා...
රෝයි පීරිස් මේ සිංදුව ඉල්ලා ගත්තා කැසට් එකකට. මේක විරහ ගීයක් වුණත් තාලය හරිම වේගවත්. ඒ නිසා ඒ කාලේ බොහෝ දෙනා විවේචනයට ලක් කළා. විරහ ගීයකට කොහොමද වේග රිද්මයක් ඇතුළත් කරන්නේ කියලා. ඒ දවස් අපේ රටේ රසික රසිකාවියන් හින්දි ගී වලට බයිලා වලට හැරවූ කාලේ. නිහාල් ගම්හේවා එසේ අදහස් පළ කළා.....
මා ගයන ගීතයේ
රාවේ ගුවනින් ඇසේ
ඒ සෝ සුසුම් තුළින්
ඔය දැස තෙත් කළේ
මේ ගීය ගැයුවෙ මා
ඔබ රිදවනු නොවේ...
මා විඳින වේදනාව... ශෝක ගීතයකට හැරිලා... ඒ ගී හඬත් එක්ක මගේ මුවින් නැගෙන සෝ සුසුම් රාවය ඔයාගේ දෙසවනට හසුවෙද්දී ඔය දෙනෙත් කඳුළින් තෙත්වන බව මට විශ්වාසයි. ඒත්.... ඒත්... මා මේ විරහ ගීත ගයන්නේ ඔයාව රිදවන්න කියල නම් මොහොතකටවත් හිතන්න එපා... මට බැහැ ඔයාව රිදවන්න ඒ මම ඔයාට ආදරේ කළ නිසා......
හිමිකම් නොකීවත් අහිමි සෙනේ දැකුමෙන් ඔබේ රූ සැනසුම් ගෙනේ
සිහිනෙන් පවා රෑ රැඳුණත් සිතේ
මට හිමි නොවේ ඔබෙ ආදරේ
කඳුළැල් කතාවේ ඔහු හා ඔබේ
සුසුමකි විලාසේ ඉන්නම් මෙසේ
සෙනෙහස පුදාලා ඔහු හට ඔබේ
සුසුමක් වුණා යෑයි ඔබ කී දිනේ
ඔබ හා දයාවෙන් බැඳුණත් සිතේ
අසරණ වුණේ මා ඔබේ ආදරෙන්
අවනත නොවූවත් ඔහු ඔබෙ ලොවේ
ඔබ ආදරේමයි මා ඇයට සේ
හිමිකම් නොකීවත් අහිමි සෙනේ
දැකුමෙන් ඔබේ රූ සැනසුම් ගෙනේ
පද රචනය - විපුල් ධර්මප්‍රිය ජයසේකර
ගායනය හා සංගීතය - විශාරද ෂර්ලි වෛජයන්ත
හිතේ තියෙන දුක් කන්දරාව ළෙන්ගතු හදවතක් ඉදිරියේ කියන්න තියෙනව නම්.... හිතට දැනෙන්නේ පුදුමාකාර සහනයක්...... සමහර පෙම්වතුනුත් එහෙමයි.... පෙම්වතා නිසා දුක්විඳින පෙම්වතිය... ඇයට වඩාත් හිතවත් කෙනකු හමුවේ තම දුක කියනවා.... පෙම්වතාත් සමහර වෙලාවට එහෙමයි.... ඇය ගැන ඔහු.... ඔහුට ළෙන්ගතු කෙනකු හමුවේ පවසනවා.
සිහිනෙන් පවා රෑ රැඳුණත් සිතේ
මට හිමි නොවේ ඔබෙ ආදරේ
කඳුළැල් කතාවේ ඔහු හා ඔබේ
සුසුමක් විලාසේ ඉන්නම් මෙසේ...
හැබැහින් විතරක් නොවෙයි හීනෙනුත් මගේ හිතේ ඔයාගේ රුව රැඳී තියෙනවා... ඒත් මට ඔයාගේ ආදරේ හිමි නැති බව මම දන්නවා... ඔබ දෙපළගේ කඳුළු කතාව අහලා සුසුම් ලන්නේ මම... මම ඒ සුසුම විදිහටම හැමදාම ඉන්නම්...
ඔහු හිතෙන් විඳවනවා... මේ විඳවන්නේ පෙම්වතා නොවේ... හිතවත් තරුණියක්.... සහ ඇයගේ පෙම්වතා වෙනුවෙන් මේ සුසුම්ලන්නේ වෙනත් හදවතක්.
ගීය ලියුවේ විපුල් ධර්මප්‍රිය ජයසේකර.... " මම මේ ගීය ලියුවේ බොහෝ කලකට පෙර... ෂර්ලිගේම සඟවන්නෙපා හසරැල්... සී. ඩී. එකට... ෂර්ලිට වැඩිපුර ගීත ලියන්න ඇත්තේ මම...."
ඔහුගේ හිතවතකු මුහුණ පෑ සැබෑ සිදුවීමක් මේ ගීයට පාදක වූ බවයි විපුල් කියන්නේ...
"මගේ හිතවතෙක් ඉන්නවා... ඔහු විවාහකයි. කාර්යාලයේ තරුණියක් ඔහුට හරිම හිතවත්.... පෞද්ගලික දේ පවා ඇය හා ඔහු කතාබහ කරනවා... ඒ තරමට ළෙන්ගතු කමක් තියෙන්නේ.. ඒ ප්‍රේම සම්බන්ධයක් නොවෙයි. දැඩි මිතුදමක්.... ඉතින්... මේ තරුණියගේ පෙම්වතා ගැනත් ඇය ඔහුට කියනවා... එයා හරිම අමුතුයි... මාව වැඩිය ගණන් ගන්නේ නැහැ..." මේ විදිහට ඇය කඳුළු සලමින් මගේ මිත්‍රයාට දුක කියනවා.... ඔහුට ඇය කෙරෙහි පුදුම අනුකම්පාවක් ඇති වෙන්න පටන් ගන්නවා.
සෙනෙහස පුදාලා ඔහු හට ඔබේ
සුසුමක් වුණා යෑයි ඔබ කී දිනේ
ඔබ හා දයාවෙන් බැඳුණත් සිතේ
අසරණ වුණේ මා ඔබේ ආදරෙන්...
ඔහු ඇයට සෙනෙහස දක්වනවා.... අනේ.... මේ වගේ අහිංසක කෙල්ලෙකුට ඇයි ඇගේ පෙම්වතා දුක් දෙන්නේ.... මේ වගේ කෙනෙක් මට හිමි වුණානම්.... දුක අහපු ළෙන්ගතු හිතට ඇය ගැන ආදරයක් උපදිනවා... අනුකම්පාව ආදරයකට පෙරළෙනවා.... "එයාට ආදරේ කරන්න ගිහින් මගේ ජීවිතේට කැළැලක් වුණා කියා ඔයා කියපු දවසේ... මගේ හිතේ ඔයා කෙරෙහි ආදරයක් ඇති වුණා.... ඒත් ඒ ආදර සිතිවිල්ලත් එක්ක මම අසරණ වුණා..." ඔහු හිතන්න පටන්ගන්නවා... ඔහුගේ හිතේ ඇය ගැන ආදරයක් ඉපැදුණත්... ඒ බව ඇයට කියාගන්න බැහැ.... ඒ ඔහු විවාහක නිසා... තහනම් පෙමක් ගැන හිතුවොත් අසරණ වෙන්නේ අහිංසක බිරිය...
අවනත නොවූවත් ඔහු ඔබෙ ලොවේ
ඔබ ආදරේමයි මා ඇයට සේ
හිමිකම් නොකීවත් අහිමී සෙනේ
දැකුමෙන් ඔබේ රූ සැනසුම් ගෙනේ
මට ඔයා ගැන ආදරයක් හිතුණත්... ඒක පවසන්නේ කොහොමද... පෙම්වතා.... ඔයාට අවනත නොවුණත්... ඔයා ඔහුට ආදරෙයි... හරියට මම මගේ ආදරණීය බිරියට ආදරය කරනවා වගේ... මට ඔයාගේ ආදරේ හිමි නැහැ... ඔයා මට අයිති නෑ... ඒත්... ඔයාගේ රූපය දැකීමත් මට සැනසුමක්...
ඔහු අවසානයේදී හිතන්නේ එහෙමයි. මේ ගීය... වෙනස්ම අර්ථයක් ගෙන දෙන පදමාලාවක්.....
Friday, October 19, 2012
ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා.....
විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ...
හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා...
තනිකම රජයන පාළු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා...
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
යෞවන
සමය... ආදරය විඳින කල වයස... සිහින ලෝකයක තනිවන කාලය... පාට
පාට හීන... දකින මල් සමය... හරියට සමනළයින් වගේ... මල්පැණි
සොයා ඉගිල යන ජීවිතයේ සුන්දරම කාලය.
මේ කාලයේදී ඇතිවන ආදර සම්බන්ධතා බොහෝමයන් තාවකාලිකයි. ගැළපීම්
නොගැළපීම් තැකීමක් නැහැ. හිත ගිය තැන මාළිගාව... බරක් පතළක්
හිතන්නේ නැති කාලය...
විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පති කුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ...
හරි අපූරු පෙම්වතෙක්... කාලයක් ආදරය කළ පෙම්වතිය මේ පෙම්වතාව
හැර දමා ගිහින්.... ඔහු දැන් ප්‍රේම පරාජිතයෙක්... ඔහු හැර
ගිය ඇය තවකෙකු සමග විවාපත් වන මොහොත... පරාජිත පෙම්වතා ඇයට වෛර
කරන්නේ නැහැ. ඇය මා දමා ගියේ අපි දෙදෙනා නොගැළපෙන නිසානේ...
ඔහු හිතන්නේ එහෙමයි.
මගේ ප්‍රිය සුන්දරිය... අද ඔබ මා දමා ඔහු හා යනවා. ඔබ නිසා මගේ
සිත් මල් යායේ පිපී විකසිත වූ ආදර මල් පොකුරු... පතිකුලයට පිය
නඟා ඔබ යන මාවතේ අසුරන්නම්... ඒ පෙම් මල් පොකුරු ඔබේ පයට
පෑගී... තැලී පොඩිවී යාදෙන්...
පණ්ඩිත් අමරදේවයන්ගේ භාව පූර්ණ හඬින් ගැයෙන මේ ගීයේ පද
රචකයා... ආචාර්ය අජන්තා රණසිංහ... ගීය ගැන මෙහෙම කියනවා.
අපේ දේශීය කාන්තාවන්, පිරිමින් හැදියාව... සහ චර්යාවන් අනුව
උසස් තැනක ඉන්නේ. කිසි විටෙක ඊර්ෂ්‍යාවක් ඇතිකර ගන්නේ නැහැ.
මේ ගීයේ සඳහන් පෙම්වතාත් එහෙමයි. ඇය තමාව අතැර දැමුවේ නොගැළපෙන
නිසානේ. බැරි වෙලාවත් විවාහ වුණා නම් දෙදෙනාගේම ජීවිත අඳුරට
ගමන් කරන්න තිබුණා. මේ පෙම්වතා හිතුවේ එහෙමයි.
හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා
ඔබ නැති සොවින් මම රෑට තනි යහනේ ඉඳන් ඉකිබිඳිනවා... හිතේ උපන්
කඳුළු බිඳු නෙතින් පිටවෙන්න ඔන්න මෙන්න. ඒත් කමක් නැහැ... අපේ
ආදරණීය සැමරුම් ගැන හිතමින් මම දුක්වෙන්නම්. ඒත් එවන් විරහ
දුකක් ඔබට නම් නොදැනේවා.
ඔහු ඇය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. හිතේ කිසිම කහටක් නෑ.
හිතින් දුක් වින්දත් මේ පරාජිත පෙම්වතා ප්‍රාර්ථනා කරන්නේ ඇයට
සුබ දිවියක්. පෙම්වතකුගෙන් විය යුත්තේ ඒක තමයි... හිතේ
වේදනාවක් ඇති නොවෙනවා නොවේ. ඒත් ඉතිං තමන්ට නොගැළපෙනවා නම්
අතහරින එකනේ හොඳ... පෙම්වතා සහ පෙම්වතිය කෲර ලෙස හෝ ආදරණීය ලෙස
දෙදෙනාගෙන් වෙන් වුණාට කමක් නැහැ. විවාහය කියන්නේ ප්‍රේමය
නොවෙයිනේ. විවාහය ඊට වඩා ගැඹුරු බැඳීමක්. ඒ නිසා වෙන්වෙන එක
හොඳයි. අතැර දැමූ පසුව ඇතිවන සිත් වේදනාව සදාකාලික නැහැ. හදවත
පළලා උණු ලේ දහරින් කියලා සිංදු ලිව්වාට එහෙම වෙන්නේ නැහැ.
ආචාර්ය අජන්තා යළි තමන්ගේ ගීයෙන් කියෑවෙන ගැඹුරු අර්ථය පහදා
දුන්නා.
තනිකම රජයන පාළු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා
ගොම්මන් කළුවර වැටෙද්දී තනිකම වැඩියෙන් දැනෙනවා. පුදුමාකාර
පාළුවක් දැනෙන්නේ. ගොම්මනේ උපදින තනියත් එක්ක මේ පරාජිත
පෙම්වතාගේ හදවත හඬා වැටෙනවා. ඒත් ඔහු තුළ ඇය කෙරෙහි තරහක්,
වෛරයක් නෑ. ඒ නිසා තමයි ඔහු ඇයගේ අනාගතයට සුබ පතන්නේ අනාගත
ජීවිතය ආලෝකවත් වේවා යෑයි පතන්නේ....
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්.....
කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයෙ ඉන්නම් අමතක නොමවේ නම්
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්
මල් පූදින්නේ දැඟිලි අතරේ
තැලී පෙලී මියෑදෙන්න නොවේ
සෙනෙහෙ පුදන්නේ සෙනේ ලබන්නයි
හිත රිදවුම් සඟවන්න නොවේ
සඳ පායන්නේ හිරු නැති ලෝකේ
ඝනදුර දුරු කරවාලන්නයි
සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනි වූ
හිතකට එළියක් ලැබ දෙන්නයි
පද රචනය - තනුව - අශෝක කෝවිලගේ
ගායනය - ප්‍රියානි ජයසිංහ
ආදරය... හරිම සුන්දරයි.... පවිත්‍රයි... ආදරයේ සුන්දර බව... පවිත්රත්වය රඳා පවතින්නේ දෙදෙනාම එකිනෙකා ගැන එක හා සමානව හිතනවා නම් විතරයි... දෙදෙනාගේම හැඟීම් එක හා සමාන විය යුතුයි.. හරියට තරාදියක් වගේ. තරදිය සමබර වෙනවා වගේ තමයි දෙදෙනාගේ ආදරයත්. එක පැත්තක් අඩු වුණොත් සමබරතාවය බිඳෙනවා. ආදරයේ සුන්දර බව පවිත්‍ර බව අඩුවෙලා යනවා.
කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයෙ ඉන්නම් අමතක නොම වේ නම්
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්
මගේ නෙතට කඳුළු නොදුන්නොත් මම ඔයාගේ දුක් කඳුළුත් නිවා දමන්නම්... මාව තනි කරන්න එපා... මාව තනි නොකළොත් මමත් ඔයාගේ තනියට ඉන්නම්. මාව අමතක නොකළොත්.... මම ඔයාගේ මතකයේ රැඳී ඉන්නම්... මගේ හිතට රිදවුම් ගෙන නොදුන්නොත් මම ඔයාට ආදරය කරන්නම්...
තරුණියකගෙන් තරුණයකුට කොන්දේසි මාලාවක්. ආදරය කරනවා නම් දෙදෙනාම සමබර විය යුතු බවයි මේ කියන්නේ. ආදරයේ සමබරතාව ගැන කියන මේ ගීය ලියුවේ අශෝක කෝවිලගේ. තනුවත් ඔහුගේමයි. මේ ඔහුගේ අදහස......
" මේ සිංදුව කරලා අවුරුදු පහළොවක් විතර ඇති. ඒ මම සංගීත ක්ෂේත්රයට ආ අලුත. මගේ පළමු ගීය "සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ" ගයන්න මාලිනී බුලත්සිංහල ශිල්පිනිය ඉල්ලා ගත්තා. ඉන්පසු තමයි මම මේ කඳුළු නිවන්නම් ගීය ලියුවේ... ඒත් ගීතය පටිගත කරද්දී සමහර වචන වෙනස් වුණා. මේ ගීය හදල අපේ බෑන්ඩ් එකේ ගායනා කරන්න ප්රියානිට ආරාධනා කළා. ඇගේ හඬට ගීය ගැලපුණා. අපි මංගල සාදවල මේ ගීය ගැයුවා. එක් මංගල සාදයකදී තුන්සැරයක්ම කඳුළ නිවන්නම් ගායනා කරන්න ප්රියානිට සිද්ධ වුණා. ඒ තරමට ගීයට ප්‍රතිචාර ලැබුණා. ඉන් පස්සේ තමයි අපි තීරණය කළේ ගීය පටිගත කරන්න. අපි නොහිතපු ලෙස ගීතය ජනප්‍රිය වුණා. "
මල් පූදින්නේ දෑඟිලි අතරේ
තැලී පෙලී මියෑදෙන්න නොවේ
සෙනෙහෙ පුදන්නේ සෙනේ ලබන්නයි
හිත රිදවුම් සඟවන්න නොවේ
පිපුන මලක හැඩ දෙනෙත්වලට කොයිතරම් සුන්දරත්වයක් ගෙන දෙනවද.... පිපුණු මලක ලස්සන... වඩාත් වැඩියෙන් විඳින්න පුළුවන් වන්නේ... ගසේම තියෙද්දී නටුව අගට වී සුළඟට සෙලවෙමින් දසත සුවඳ පතුරන මල... කෙතරම් පිවිතුරුද... මලක් පූදින්නේ මේ සුන්දරත්වය ලබාදෙන්න මිස නටුව අගින් කඩා අතැඟිලි අතර තැලී පොඩි වී විනාශ වෙන්නද... නැහැ... ඒ වගේ තමයි ආදරයත්... ආදරයක් නැති හදවතකට නොවේ පෙම පිදිය යුත්තේ. ආදරය පිදිය යුත්තේ ආදරයක් ලබන්න මිසක් දුක කඳුළ සඟවා ජීවත්වෙන්න නොවේ.
සඳ පායන්නේ හිරු නැති ලෝකේ
ඝනඳුර දුරු කරවාලන්නයි
සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනි වූ
හිතකට එළියක් ලැබ දෙන්නයි
හිරු බැස ගිය විට මුළු ලොවම අන්ධකාරයෙන් වෙළාගනී. ඒ ඝනඳුර දුරු කරන්නයි සඳ පායන්නේ. හඳ එළියත් හරියට පිවිතුරු ආදරය වගේ. හුදෙකලා වූ අඳුරු හිතකට පිවිතුරු ආදරයක් පුද කළොත්... ඒ ජීවිතය අනිවාර්යයෙන්ම එළිය වෙනවා. හරියට සඳ එළියෙන් රැයේ ඝනඳුර මැකී යනවා වගේ....
ලස්සන ගීයක්.... ප්රියානිගේ හඬ... ගීයේ අරුත වඩාත් උද්දීපනය කරනවා. ගීය හොඳින් අසන්න... තනුවේත් අමුත්තක් දැනෙන බව කිව යුතුමයි.
Thursday, October 18, 2012
ලොව බිහිසුණුම න්‍යෂ්ටික බලාගාර අනතුර - චර්නොබිල් ව්‍යසනය
න්‍යෂ්ටික බලාගාර, බලශක්ති අර්බුදයට සාර්ථක විසඳුමක් වුවත්, එහි ඇති අනතුරුදායක
බව ලෝකයට පසක් කළ එක් න්‍යෂ්ටික අනතුරක් ලෙස සෝවියට් දේශයට අයත්ව පැවැති යුක්රේනයේ
චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ හදිසි අනතුර සඳහන් කළ හැක. එම අනතුර සිදුවී ඇත්තේ ග්‍රිනිච් වේලාවෙන් 1.23.45 ට 1986 අප්‍රේල් 26 වැනි දිනය. එනම් මීට වසර 26 කට පමණ ඉහතදීය.
එහි ඇති අනතුරුදායක
බව යළි ලෝකයටම පසක් වූ ආසන්නතම සිදුවීම වන්නේ 2011 මාර්තු 11 වැනි දින ජපානයේ සිදුවූ සුනාමියේ අතුරු
ඵලයක් ලෙස ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ හදිසි අනතුර ය.
න්‍යෂ්ටික අනතුර ඇතිවීම සඳහා බලපෑ මූලික හේතුව වෙනස් වුවත් යුක්රේනයේ චර්නොබිල් බලාගාරයේ අනතුර සිදුවී තිබෙන්නේ ද ෆුකුෂිමා බලාගාරයේ මෙන්ම එහි සිසිලන පද්ධතිය ක්‍රියාවිරහිතවීම හේතුකොට ගෙනය. ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිසිලන පද්ධතිය සුනාමිය හේතුකොට ගෙන ක්‍රියාවිරහිත වී ඇති අතර යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිසිලන පද්ධතියේ ක්‍රියාකාරීත්වය සිතාමතාම ක්‍රියාවිරහිත කොට ඇත. ඒ හදිසියකදී විදුලිය ඇනහිටීමකින් සිසිලන පද්ධතිය ක්‍රියාවිරහිත වුවහොත් කෙසේ ක්‍රියා කළ යුතුද යන්න පිළිබඳ සිදු කළ පෙරහුරුවක් සඳහාය.
චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ මෙන්ම පුකුෂිමා බලාගාරයේද සිදුවූ දෙය පිළිබඳ දල අදහසක් හෝ ලබාගැනීම සඳහා එබඳු බලාගාරයක ක්‍රියාකාරීත්වය කෙබඳු ද යන්න කෙටියෙන් හෝ විමසා බැලිය යුතුය.
න්‍යෂ්ටික බලාගාරයක විදුලිය ජනනය කරනු ලබන්නේ න්‍යෂ්ටික
ශක්තියෙන් ක්‍රියාත්මක වන ටර්බයින මගිනි. එ සඳහා ශක්තිය ලබාගන්නේ යුරේනියම් වැනි
ද්‍රව්‍යවල අඩංගු පරමානු බල ශක්තියෙනි. එලෙස යුරේනියම් වැනි ද්‍රව්‍යවල අඩංගු
ශක්තිය නිදහස්වීමේදී අධික තාපයක් නිකුත් වේ. මෙම බලාගාරවල න්‍යෂ්ටික ශක්තිය,
විකිරණ ලෙස බලාගාරයෙන් පිටතට කාන්දුවීම වැළැක්වීමට මිනිරන්වලින් ආවරණයක් නිර්මාණය
කර ඇත. එසේ වුවත් එම මිනිරන් ආවරණය ද දිගින් දිගටම රත්වීම වළක්වා එය සිසිල් කිරීම
සඳහා සෑම න්‍යෂ්ටික බලාගාරයකම සිසිලන පද්ධතියක් නිර්මාණය කර ඇත.
එ ආකාරයට යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය සිසිල් කිරීම සඳහා ස්ථාපිත කර තිබූ සිසිලන පද්ධතිය බට 1600 කින් සමන්විත වී ඇත. ඊට අමතරව තවත් බට ද එ සඳහා යොදාගෙන ඇත. එම එක් බටයක් හරහා පැයකට ජලය ලීටර් 28,000 ක් ගමන් කරන බව වාර්තා වේ. මෙලෙස එක් බටයකට පැයකට ජලය ලීටර් 28,000 බැගින් බට 1600 ක් ඇතුළු සිසිලන පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙගා වොට් 5.5 ක විදුලිබලයක් ද අවශ්‍ය වී තිබේ.
එලෙස සපයන විදුලිය ඇනහිටියහොත් සිසිලන පද්ධතියත් ක්‍රියාවිරහිත වන ආකාරයට තමයි එම න්‍යෂ්ටික බලාගාරය නිර්මාණය කරල තිබෙන්නේ. හදිසි විදුලි ඇනහිටීමකදී කෙලෙස ක්‍රියා කළ යුතුද යන්න පිළිබඳ සලකා බැලීම සඳහායි විදුලිය සැපයුම නතර කොට තිබෙන්නේ. නමුත් එ සඳහා එම බලාගාරයේ සැලසුම් ශිල්පියාගෙන් හෝ විද්‍යාත්මක කළමනාකරුගෙන් අවසර ගෙන නැහැ. එම පර්යේෂණය සිදු කර තිබෙන්නේ එම ආයතනයේ අධ්‍යක්ෂගේ අවසරයෙන් පමණයි.
එම තීරණයට අනුව විදුලිය විසන්ධි කළත් බලාගාරයේ නිපදවන න්‍යෂ්ටික ශක්තිය පාලනය කරගත නොහැකි වී තිබෙන අතර, මෙම නිසා බලාගාරයේ ශක්තිය පිටවීම වැළැක්වීම සඳහා යොදා තිබූ මිනිරන් ආවරණය ගිනි ගෙන පුපුරා ගොස් තිබෙනවා. එම පිපිරීමත් සමග මිනිරන් දූවිලි න්‍යෂ්ටික විකිරණශීලී ද්‍රව්‍යයන් සමග අහසට එක්වී ඇත. මෙම විකිරණශීලී ද්‍රව්‍ය බටහිර රුසියාවේ සහ යුරෝපයේ ප්‍රධාන වශයෙන් පැතිරී ගොස් තිබෙනවා. පසුව සිදු කරන ලද පර්යේෂණ මගින් තහවුරු වී තිබෙන්නේ මිනිරන් ආවරණ ආරක්ෂා කිරීම සඳහා තවත් ඝන ද්‍රව්‍යයකින් ආවරණයක් යොදා තිබුණේ නම් හානිය මීට වඩා අවම කරගැනීමේ හැකියාව තිබූ බවයි.
එය එසේ වුවත් මෙම අනතුරට ප්‍රධාන හේතුව වූයේ පෙරහුරුවේදී සැලසුම් කළ පරිදි විදුලිය විසන්ධි කළ කාලය තුළදීත් න්‍යෂ්ටික ශක්තිය ජනනයවීම සහ යළි විදුලිය සැපයුවත් එය යථා තත්ත්වයට පත් නොවී බලාගාරය පුපුරා යැමයි. මෙම පුපුරා යැම මගින් ටී.එන්.ටී. ටොන් 10 ක ශක්තිය නිකුත් වී තිබෙනවා.
මෙම න්‍යෂ්ටික අනතුර මගින් සෘජුවම 31 දෙනකු මරණයට පත්වූ බව එවකට බලයේ සිටි සෝවියට් ආණ්ඩුව පිළිගෙන තිබෙනවා. නමුත් මෙම අනතුරත් සමග සෝවියට් දේශයේ න්‍යෂ්ටික බලාගාර පිළිබඳ නැවත සමාලෝචනය කිරීමට මෙන්ම එතෙක් න්‍යෂ්ටික බලාගාර සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය රහස්‍යභාවය තරමක් දුරට හෝ අවම කිරීමටත් සෝවියට්දේශයට සිදුවී තිබෙනවා.
එම බලාගාරයේ කාර්ය මණ්ඩලය, ගිනි නිවන භටයන් මෙන්ම එම හදිසි අවස්ථාවේ සේවය සඳහා යෙදවූ පුද්ගලයනුත් එම අනතුර සිදුවූ අවස්ථාවේ එය නැරැඹීම සඳහා ගිය පුද්ගලයනුත් මියගිය පිරිසට අයත් වනවා.
එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් වන විදියට 2008 වන විට මෙම අනතුරින් 64 දෙනකු මියගොස් තිබෙනවා. එම පිරිසෙන් වැඩි කොටසක් එම අවස්ථාවේදීම මරණයට පත්වූ බවත් එහි සඳහන් වනවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ මෙම අනතුර නිසා මියගිය සංඛ්‍යාව 4000 කට ආසන්න වන බවයි. එසේ වුවත් ග්‍රීන් පීස් සංවිධානය ප්‍රකාශයට පත් කළ වාර්තාවක සඳහන් කර තිබෙන්නේ මෙම අනතුර නිසා ලක්ෂ 2 ක පමණ පිරිසක් මියගිය බවයි. එය කෙසේ වුවත් රුසියාවේ ප්‍රකාශයට පත් කරන ලද සඟරාවක පවා සඳහන් වූයේ 1986 සිට 2004 දක්වා මෙම අනතුර නිසා 9,85,000 ක පිරිසක් මියගිය බවයි. එම වාර්තාවල මියගිය සංඛ්‍යාව පිළිබඳ සඳහන් වන අතර, මෙම අනතුර නිසා පරිසරයට නිදහස් වූ විකිරණශීලී ද්‍රව්‍ය නිසා මේ දක්වා පුද්ගලයන් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වන බවත් සඳහන් වනවා. මීට අමතරව 1986 සිට 2000 දක්වා කාලය තුළ පුද්ගලයන් 3,50,400 ක් යළි පදිංචි කිරීමටත් සෝවියට් සහ යුක්රේන ආණ්ඩු කටයුතු කර තිබෙනවා. මෙබඳු කටයුතු සඳහා රූබල් බිලියන 18 ක් වැය කිරීමට සිදුවීම නිසා සෝවියට් ආර්ථිකය පවා අඩාල වී තිබෙනවා.
මෙම චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය මගින් උත්පාදනය කර ඇති අවම බලය මෙගා වොට් 700-800 ත් අතර වනවා.එහි සාමාන්‍ය ධාරිතාව මෙගා වොට් 3800 ක්. බලශක්ති අර්බුදය විසඳීම සඳහා එතරම් බලශක්තියක් සෝවියට් දේශයට උපදවා දුන්නත්, මෙම න්‍යෂ්ටික බලාගාරය නිසා අවසානයේ සිදුවී තිබෙන්නේ විශාල හානියක් මෙන්ම විශාල පාඩුවක්.
මෙම විනාශය සිදුවී වසර 26 ක් පමන ගත වුවත් මෙබඳු අනතුරුවලින් තොරව න්‍යෂ්ටික බලය යොදා ගන්නේ කෙසේද කියන කරුණ පිළිබඳ අවධානය දැඩිව යොමු කළ යුතු වනවා.
න්‍යෂ්ටික අනතුර ඇතිවීම සඳහා බලපෑ මූලික හේතුව වෙනස් වුවත් යුක්රේනයේ චර්නොබිල් බලාගාරයේ අනතුර සිදුවී තිබෙන්නේ ද ෆුකුෂිමා බලාගාරයේ මෙන්ම එහි සිසිලන පද්ධතිය ක්‍රියාවිරහිතවීම හේතුකොට ගෙනය. ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිසිලන පද්ධතිය සුනාමිය හේතුකොට ගෙන ක්‍රියාවිරහිත වී ඇති අතර යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිසිලන පද්ධතියේ ක්‍රියාකාරීත්වය සිතාමතාම ක්‍රියාවිරහිත කොට ඇත. ඒ හදිසියකදී විදුලිය ඇනහිටීමකින් සිසිලන පද්ධතිය ක්‍රියාවිරහිත වුවහොත් කෙසේ ක්‍රියා කළ යුතුද යන්න පිළිබඳ සිදු කළ පෙරහුරුවක් සඳහාය.
චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ මෙන්ම පුකුෂිමා බලාගාරයේද සිදුවූ දෙය පිළිබඳ දල අදහසක් හෝ ලබාගැනීම සඳහා එබඳු බලාගාරයක ක්‍රියාකාරීත්වය කෙබඳු ද යන්න කෙටියෙන් හෝ විමසා බැලිය යුතුය.
එ ආකාරයට යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය සිසිල් කිරීම සඳහා ස්ථාපිත කර තිබූ සිසිලන පද්ධතිය බට 1600 කින් සමන්විත වී ඇත. ඊට අමතරව තවත් බට ද එ සඳහා යොදාගෙන ඇත. එම එක් බටයක් හරහා පැයකට ජලය ලීටර් 28,000 ක් ගමන් කරන බව වාර්තා වේ. මෙලෙස එක් බටයකට පැයකට ජලය ලීටර් 28,000 බැගින් බට 1600 ක් ඇතුළු සිසිලන පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙගා වොට් 5.5 ක විදුලිබලයක් ද අවශ්‍ය වී තිබේ.
එලෙස සපයන විදුලිය ඇනහිටියහොත් සිසිලන පද්ධතියත් ක්‍රියාවිරහිත වන ආකාරයට තමයි එම න්‍යෂ්ටික බලාගාරය නිර්මාණය කරල තිබෙන්නේ. හදිසි විදුලි ඇනහිටීමකදී කෙලෙස ක්‍රියා කළ යුතුද යන්න පිළිබඳ සලකා බැලීම සඳහායි විදුලිය සැපයුම නතර කොට තිබෙන්නේ. නමුත් එ සඳහා එම බලාගාරයේ සැලසුම් ශිල්පියාගෙන් හෝ විද්‍යාත්මක කළමනාකරුගෙන් අවසර ගෙන නැහැ. එම පර්යේෂණය සිදු කර තිබෙන්නේ එම ආයතනයේ අධ්‍යක්ෂගේ අවසරයෙන් පමණයි.
එම තීරණයට අනුව විදුලිය විසන්ධි කළත් බලාගාරයේ නිපදවන න්‍යෂ්ටික ශක්තිය පාලනය කරගත නොහැකි වී තිබෙන අතර, මෙම නිසා බලාගාරයේ ශක්තිය පිටවීම වැළැක්වීම සඳහා යොදා තිබූ මිනිරන් ආවරණය ගිනි ගෙන පුපුරා ගොස් තිබෙනවා. එම පිපිරීමත් සමග මිනිරන් දූවිලි න්‍යෂ්ටික විකිරණශීලී ද්‍රව්‍යයන් සමග අහසට එක්වී ඇත. මෙම විකිරණශීලී ද්‍රව්‍ය බටහිර රුසියාවේ සහ යුරෝපයේ ප්‍රධාන වශයෙන් පැතිරී ගොස් තිබෙනවා. පසුව සිදු කරන ලද පර්යේෂණ මගින් තහවුරු වී තිබෙන්නේ මිනිරන් ආවරණ ආරක්ෂා කිරීම සඳහා තවත් ඝන ද්‍රව්‍යයකින් ආවරණයක් යොදා තිබුණේ නම් හානිය මීට වඩා අවම කරගැනීමේ හැකියාව තිබූ බවයි.
එය එසේ වුවත් මෙම අනතුරට ප්‍රධාන හේතුව වූයේ පෙරහුරුවේදී සැලසුම් කළ පරිදි විදුලිය විසන්ධි කළ කාලය තුළදීත් න්‍යෂ්ටික ශක්තිය ජනනයවීම සහ යළි විදුලිය සැපයුවත් එය යථා තත්ත්වයට පත් නොවී බලාගාරය පුපුරා යැමයි. මෙම පුපුරා යැම මගින් ටී.එන්.ටී. ටොන් 10 ක ශක්තිය නිකුත් වී තිබෙනවා.
මෙම න්‍යෂ්ටික අනතුර මගින් සෘජුවම 31 දෙනකු මරණයට පත්වූ බව එවකට බලයේ සිටි සෝවියට් ආණ්ඩුව පිළිගෙන තිබෙනවා. නමුත් මෙම අනතුරත් සමග සෝවියට් දේශයේ න්‍යෂ්ටික බලාගාර පිළිබඳ නැවත සමාලෝචනය කිරීමට මෙන්ම එතෙක් න්‍යෂ්ටික බලාගාර සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය රහස්‍යභාවය තරමක් දුරට හෝ අවම කිරීමටත් සෝවියට්දේශයට සිදුවී තිබෙනවා.
එම බලාගාරයේ කාර්ය මණ්ඩලය, ගිනි නිවන භටයන් මෙන්ම එම හදිසි අවස්ථාවේ සේවය සඳහා යෙදවූ පුද්ගලයනුත් එම අනතුර සිදුවූ අවස්ථාවේ එය නැරැඹීම සඳහා ගිය පුද්ගලයනුත් මියගිය පිරිසට අයත් වනවා.
එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් වන විදියට 2008 වන විට මෙම අනතුරින් 64 දෙනකු මියගොස් තිබෙනවා. එම පිරිසෙන් වැඩි කොටසක් එම අවස්ථාවේදීම මරණයට පත්වූ බවත් එහි සඳහන් වනවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ මෙම අනතුර නිසා මියගිය සංඛ්‍යාව 4000 කට ආසන්න වන බවයි. එසේ වුවත් ග්‍රීන් පීස් සංවිධානය ප්‍රකාශයට පත් කළ වාර්තාවක සඳහන් කර තිබෙන්නේ මෙම අනතුර නිසා ලක්ෂ 2 ක පමණ පිරිසක් මියගිය බවයි. එය කෙසේ වුවත් රුසියාවේ ප්‍රකාශයට පත් කරන ලද සඟරාවක පවා සඳහන් වූයේ 1986 සිට 2004 දක්වා මෙම අනතුර නිසා 9,85,000 ක පිරිසක් මියගිය බවයි. එම වාර්තාවල මියගිය සංඛ්‍යාව පිළිබඳ සඳහන් වන අතර, මෙම අනතුර නිසා පරිසරයට නිදහස් වූ විකිරණශීලී ද්‍රව්‍ය නිසා මේ දක්වා පුද්ගලයන් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වන බවත් සඳහන් වනවා. මීට අමතරව 1986 සිට 2000 දක්වා කාලය තුළ පුද්ගලයන් 3,50,400 ක් යළි පදිංචි කිරීමටත් සෝවියට් සහ යුක්රේන ආණ්ඩු කටයුතු කර තිබෙනවා. මෙබඳු කටයුතු සඳහා රූබල් බිලියන 18 ක් වැය කිරීමට සිදුවීම නිසා සෝවියට් ආර්ථිකය පවා අඩාල වී තිබෙනවා.
මෙම චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය මගින් උත්පාදනය කර ඇති අවම බලය මෙගා වොට් 700-800 ත් අතර වනවා.එහි සාමාන්‍ය ධාරිතාව මෙගා වොට් 3800 ක්. බලශක්ති අර්බුදය විසඳීම සඳහා එතරම් බලශක්තියක් සෝවියට් දේශයට උපදවා දුන්නත්, මෙම න්‍යෂ්ටික බලාගාරය නිසා අවසානයේ සිදුවී තිබෙන්නේ විශාල හානියක් මෙන්ම විශාල පාඩුවක්.
මෙම විනාශය සිදුවී වසර 26 ක් පමන ගත වුවත් මෙබඳු අනතුරුවලින් තොරව න්‍යෂ්ටික බලය යොදා ගන්නේ කෙසේද කියන කරුණ පිළිබඳ අවධානය දැඩිව යොමු කළ යුතු වනවා.
Wednesday, October 17, 2012
මේ ප්‍රථම වසන්තයයි......
මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟුරැව් නැඟෙනා
මේ ප්‍රථම වසන්තයයි
තරු නැඟෙන තුරා නිදිබර අඹරේ
සඳු නැඟෙනතුරා සිටියදි අඳුරේ
ඔබ සුපුන් සඳක් සේ පායා
පහන් රැයක් වී ආවේ
සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදී කතරේ
ඔබ සිහිල් දොළක් සේ පාවී
වසන්තයක් වී ආවේ
ගායනය - සංගීත් නිපුන් සනත් නන්දසිරි
සංගීතය - රෝහණ වීරසිංහ
පදමාලාව - කුලරත්න ආරියවංශ
සනත් නන්දසිරිගේ කැසට්පටයට සිංදු දෙකක් ලියාදෙන්න කියලා කිව්වා. මනෝඡ් පීරිස් මට පොඩි ඉඟියකුත් දුන්නා.... අයියේ.... සීත රෑ යාමේ වගේ සිංදුවකුත් හොඳයි කියලා. ප්‍රේමය වස්තු විෂය වූ ගී තමයි ඉල්ලන්නේ. ඉතින් විරහ ගීයක් නැතිව ප්‍රේමයේ ආනන්දය, චමත්කාරය ඇතුළත් කෙටි වචන ටිකක් යොදමින් මම මේ ගීතය ලියුවා. ගීයේ පද රචකයා කුලරත්න ආරියවංශ පැවසුවා..
වචන අඩුවෙන් සංගීතඥයාට වැඩි ඉඩක් දීලා.. ප්‍රේමයේ සතුට උද්දීපනය වන ආකාරයට මේ පද පෙළ ලියෑවුණා කියා මම හිතනවා..... රෝහණගේ තනුව, සංගීතය ඉතාම මධුරයි.. සනත්ගේ හඬ. අවුරුදු හතළිහකට කලින් ඇසූ තාරුණ්‍යයේ හඬ.... තරුණ්‍යයේ හැඟීම්.. ගායනයෙන් ඉස්මතු වුණා. කුලරත්න ආරියවංශ .... ගායනය තනුව ගැනත් තෘප්තිමත්.
ගිම්හානය පලා ගිහිං..... ගහකොළ අතුරිකිලිs මලින් බර වෙලා... ඒ මල් සුවඳ මුසුව හමා එන සිහිල් සුළං රැල්ල.... නැවුම් හැඟුම්වලින් ගත සිත පුබුදුවනවා.. වසත්කාලය ඇවිදින්... කොයිතරම් සුන්දරද.......
තනිකම..... හුදෙකලාව සමඟ කාලාන්තරයක් ජීවත් වූ තරුණයකුගේ හදවතට මල් හීසර පහර වැදුණොත්.... වසන්ත කාලය වගේ හිතපුරා මල් පිපෙනවා. උපදින නැවුම් සිතිවිලි.. කෙළවරක් නැහැ... අපේක්ෂාවන් ප්‍රාර්ථනාවන් වැහි වහිනවා........
මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟුරැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි...
ප්‍රේමයේ ඇති සංවේදීතාවය නොලද තරුණයෙක්..... දිගු කලක් හුදෙකලාව දිවි ගෙවූ චරිතයක්..... දැන් ප්‍රේමවන්තයෙක් වෙලා...... පළමු පෙම..... ජීවිතයට වසන්තය උදාවෙලා. කුළුඳුලේ ආ වසන්තය..... ඔහුගේ ජීවිතය පුරා මල් පිපිලා.... ඒ විතරක්ද.. ඒ මල් රොන් සොයා එන බිඟුන්ගේ නාදය.......වසන්තය කොතරම් සුන්දර ද......
තරු නැගෙනතුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදී අඳුරේ
ඔබ සුපුන් සඳක් සේ පායා
පහන් රැයක් වී ආවේ...
ආදරයේ අත්දැකීම් නොලත් මේ හිරිමල් යෞවනය පාළුවෙන් ගත කළ ජීවිතය... අන්ධකාරයි... හුදෙකලාව සිටිද්දී බලාපොරොත්තු පොදියකින් හිත පිරිලා.. තාරුකා මල් පිපෙන තුරා නිද්‍රාශීලීව සිටි අම්බරය වගේ... සඳ පායා එනතුරා අඳුර රජ කළා සේ.... හුදෙකලා ජීවිතයට ඇය ආවා. හරියට අන්ධකාර රාත්‍රියට සඳ එළිය වැටුණා වගේ...
සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොළක් සේ පාවී
වසන්තයක් වී ආවේ...
ගිනියම් වූ කතරක ඉමක් නොපෙනෙන මිරිඟුව දෙස බලමින් පිපාසාව සංසිඳුවා ගන්නවා. ඒත් ඒක මායාවක්... ඒ අතරේදි දිය පොදක් සැබෑවටම ලැබුණොත්.... කර්කශ පොළොවක් ඇති කතරක ගමන් කරද්දී සිසිල් ජලය සහිත දොළක් හමු වුණොත්.... "ඕ ... මේ තරුණයාගේ ජීවිතයට ආවේත් හරියට කතරක හමුවන සිහිල් දොළක් වාගේ....... ඇත්තටම වසන්තය ආවා වාගේ.....
ගීයෙ පද මාලාව ... සනත් නන්දසිරිගේ ළගන්නා හඬ වගේම රෝහණ වීරසිංහගේ මාධුර්යය ගී තනු.... එක්තැන් වී හැදුණු මේ ගීය අසද්දී ඇතිවන ආදර හැඟුම්..... වසන්තයක අසිරිය නොදැනෙන හිතක් ඇද්ද.....
Tuesday, October 16, 2012
ආදරය සුන්දර වරදකි....
ආදරය සුන්දර වරදකි....
කිසිදා සමාවක් නම් නැති....
මට පෙන්නලා ආලේ හැටි....
නුඹ දුන්නු දුක හොදටම ඇති....
ඉදුවර නුවන් දෑලේ වැටී පෑහී....
දැහැනේ වෙලී උම්මාද වූයේ මා....
වෙනකෙකු දිහා බැලුමට යලි....
මට නෙත් නැතැයි කෙදිරුවේ කව්රුන්දෝ....
ආදරය සුන්දර වරදකි....
පුළුලුරු තලා වීණා බදේ දැවටී....
රතැගිලි බැදී නිම්නාදයේ අනුරා....
හද ස්වර තලා කම්පිත වෙවී....
මට මා පවා නැති කලේ කව්රුන්දෝ....
ආදරය සුන්දර වරදකි....
ගායනය : කරුනාරත්න දිවුල්ගනේ
ආදරය කරන කාලෙට පොඩි හරි වැරැද්දක් උනත් ගොඩක් තදින් හිතට දැනෙනවා......
ඒ නිසාම සමාවක් නම් ගන්න ලේසි නෑ…. ආදරය වැඩිවෙන තරමටම අපේ හිත් රිදව ගන්න වාර ගනනත් වැඩිවෙනවා..... තේරුමක් ඇතත් නැතත් අන්තිමට වෙන්නෙ අපේ හිත් රිදෙන එක විතරයි.... ඒත් ඒ ආදරය හැමදාටම සුන්දරයි.... මට ආදරය කියල දුන්නෙ ඔයා.... මං ආදරය දුන්නෙත් ඔයාට විතරමයි.... ඒත් අද ඔයා මාව තනිකරල ගිහින්....
ඔයා
මට
දුන්න මේ දුක මං කවදවෙනකන්
විඳවන්නද ......
ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොදටම ඇති
මං ඔයාට හදවතින්ම ආදරය කලා.....ඒ නිසාම වෙන්න ඇති ඔයාගෙ ආදරයෙන් මගේ හිත මේ තරම්ම උන්මාද වෙලා තියෙන්නෙ....ඔයාගේ ආදරය මාව බැඳලා තියාගන්න මායා බලයක් වගේ කියලයි මට නම් හිතුනෙ... මං ඔයා එක්ක ඉන්නකොට වෙන කෙනෙක් දිහා බලන්නවත් හිතෙන්නෙ නැහැ කියපු ඔයා අද මාව තනිකරලා වෙන ආදරයක් හොයාගෙන ගිහින්....
ඉදුවර නුවන් දෑලේ වැටී පැගී
දැහැනේ වෙලී උන්මාද වුයේ මා
වෙනෙකෙකූ දිහා බැලුමට යලි
මට නෙත් නැතැයි කෙදුරැවේ කවුරුන්දෝ
වීනාවක තත් කම්පනය වෙනකොට නැගෙන හඩ හිතට ගෙන්න මහා අමුතු දුක්බර හැගීමක්.... ඒ හඩ දිගින් දිගටම නින්නාද දෙනවා වගේ මගේ හදත් අද කම්පනයෙන් නින්නාද දෙනවා....මේ දුකින් තැලුනු මගේ හද කම්පාවට පත්වෙලා විතරක් නෙවෙයි... අද මට මාවත් නැති කරලා.... ඒ සේරම ඔයාට මං හදවතින්ම ආදරය කරපු නිසා නෙවෙයි ද ?
පුළුවර තාලා වීණා බදින් දැවැටී
රතගැලි බැදී නින්නාදයේ අනුරා
හද ස්වර තලා කම්පිත වේවි
මට පවා මා නැති කලේ කවුරුන්දෝ
Subscribe to:
Posts (Atom)